Posts

Showing posts from November, 2022
Image
රුසියාවේ Azur Air ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරයි රුසියාවේ දෙවන විශාලම ගුවන් සේවා සමාගම වන  Azur Air ගුවන් සේවා සමාගම 2020 වසරට පසු ශ්‍රීලංකාව වෙත නැවත සිය ගුවන් ගමන් සේවා සැපයීමට, අද දින එනම් 2022 නොවැම්බර් 03 දින සිට ආරම්භ කර තිබෙනවා. එය සනිටුවහන් කරමින් Azur Air ගුවන් සේවා සමාගම මගීන් 300 වැඩි පිරිසක් රැගෙන අද දිවයිනට පැමිණියා. 2020 වර්ධනය වූ කොවිඩ් 19 වසංගතයත් සමග මෙම ගුවන් සේවා සමාගමේ ශ්‍රීලංකාව වෙත තිබුණු සියලූම ගුවන් ගමන් නතර වුනා. මෙම කාර්ය මණ්ඩලය අද දින Ramada by Wyndham Katunayake හෝටල් පරිශ්‍රයේ ලැගුම් ගනී. ඒ පිළිබඳව Ramada by Wyndham Katunayake ප්‍රධාන කළමණාරවරයා වන අසෝක ජයමාන්න මහතා මෙසේ අදහස් ප්‍රකාශ කලා. "මෙම ගුවන් සේවා සමාගය රුසීයාවේ දෙවන විශාලම ගුවන් සේවා සමාගමයි. ඔවුන්ගේ නවාතැන වශයෙන් අප තෝරා ගැනීම පිලිබඳව අපට මහත් ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි අදදින සිට සෑම සතියකටම මගීන් රැගත් ගුවන් ගමන් 4ක් මෙම Azur Air ගුවන් සේවා සමාගම විසින් මෙහෙයවනවා. එමගින් අපේ රටට නැවතත් සංචාරකයින් පැමිණීමේ ඉහල යාමත් සමගම රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස Ramada by Wyndham Katunayake ව...
Image
  ඉම්රාන් ඛාන්: විරෝධතා පාගමනකදී පාකිස්තානයේ හිටපු අගමැති තුවාල ලබයි පාකිස්ථානයේ විරෝධතා පාගමනක් අතරතුර නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීමකින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අද තුවාල ලබා තිබේ. පකිස්ථානයේ පන්ජාබ් පළාතේදී ඉම්රාන් ඛාන් ගමන්ගත් කන්ටේනර් රථයකට වෙඩි තබා ඇත. ඛාන් මහතා අනතුරෙන් මිදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කඩිනමින් මැතිවරණයක් ඉල්ලා ඉස්ලාමාබාද් නුවරට විරෝධතා පාගමනක් පැවැත්වූයේ ඉම්රාන් ඛාන් ය. ගුජ්රන්වාලා හි අල්ලාවාලා චෝක් හි ඉම්රාන් ඛාන්ගේ පිළිගැනීමේ කඳවුර අසල වෙඩි තැබීමෙන් පසු අවුල් සහගත දර්ශන ඇති වූ බව ප්‍රාදේශීය නාලිකාවක් වන Geo News වාර්තා කළේය. එහිදී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඉස්ලාමාබාද් සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් සිදුවූ මෙම සිදුවීම, 2007 වසරේ පැවති රැලියක් අතරතුරදී හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ වෙඩි තබා ඝාතනය කළ ආකාරය සිහිගන්වන මතකයන් ගෙන ආවේය. For More Updates Follow US on FACEBOOK : https://www.facebook.com/LIVE.SL.News.Updates