ඉම්රාන් ඛාන්: විරෝධතා පාගමනකදී පාකිස්තානයේ හිටපු අගමැති තුවාල ලබයි


පාකිස්ථානයේ විරෝධතා පාගමනක් අතරතුර නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීමකින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අද තුවාල ලබා තිබේ. පකිස්ථානයේ පන්ජාබ් පළාතේදී ඉම්රාන් ඛාන් ගමන්ගත් කන්ටේනර් රථයකට වෙඩි තබා ඇත. ඛාන් මහතා අනතුරෙන් මිදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කඩිනමින් මැතිවරණයක් ඉල්ලා ඉස්ලාමාබාද් නුවරට විරෝධතා පාගමනක් පැවැත්වූයේ ඉම්රාන් ඛාන් ය.


ගුජ්රන්වාලා හි අල්ලාවාලා චෝක් හි ඉම්රාන් ඛාන්ගේ පිළිගැනීමේ කඳවුර අසල වෙඩි තැබීමෙන් පසු අවුල් සහගත දර්ශන ඇති වූ බව ප්‍රාදේශීය නාලිකාවක් වන Geo News වාර්තා කළේය. එහිදී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.


ඉස්ලාමාබාද් සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් සිදුවූ මෙම සිදුවීම, 2007 වසරේ පැවති රැලියක් අතරතුරදී හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ වෙඩි තබා ඝාතනය කළ ආකාරය සිහිගන්වන මතකයන් ගෙන ආවේය.



For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog