ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ පරීක්ෂා කිරීමට දිස්ත්‍රික්කයකින් පොල්තෙල් සාම්පල 05 බැගින් ලබා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, එසේ ලබා ගන්නා සාම්පල 100ක් අද(28) දිනයේ රසායනාගාර පරීක්ෂාවට යොමු කරන බවයි.
එම සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල් වලින් ය.
මේ අතර මෙරටට පොල්තෙල් ආනයනය කළ එක් ආනයනකරුවෙකුගේ පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී තිබේ .
ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂාවන්වලදී ය.
ආන්දෝලනයට ලක්ව ඇති පොල්තෙල් අඩංගු කන්ටේනර් 13කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැවසුවේ ය .
READ MORE >>> https://liveslnews24x7.blogspot.com/
YouTube: https://bit.ly/31bgD1A

Comments
Post a Comment