ගෙවුණු දිනයේ (15) මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි  248 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

මේ අතර වැඩිම ආසාදිතයින් පිරිස්‍ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 49 කි.

ඊට අමතරව, මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් ලෙස වාර්තා වී ඇත.

කොළඹ  දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු පමණක් වාර්තා වී ඇති අතර සෙසු ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි.

අද (16) දින උදෑසන වනවිට, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,238 ක් වන අතර ඉන් පුද්ගලයින් 84,969 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ති‌බේ.

රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2,737 දෙනෙකු පමණි.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව ද 532 ක් දක්වා ඉහළ ගියේ ය.

ඔවුන් කොච්චිකඩේ, පමුණුගම, යාපනය, ගම්පහ සහ (උතුරු) කළුතර යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ය.

මේ අතර ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 105 ක් තුළ පුද්ගලයින් 10,411 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (15) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 5,543 කි.

Comments

Popular posts from this blog