ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන සඳහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ අද (27) දින පැවැත්වෙනවා.

මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි “ගම සමග පිළිසඳර වැඩසටහන වන අතර 1958 දී ස්ථාපිත උස්බිම් ජනපදයක් වන කිරිවැල්කැලේ ග්‍රාමසේවා වසම පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් දුෂ්කරතම ගම්මානයයි.

මේ ග්‍රාමයෙහි පවුල් 622ක් වෙසෙන අතර වසමේ ජනගහණය 2990ක් .

2020 සැප්තැම්බර් මස බදුල්ල දිස්ත්‍රික්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ වූ අතර මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, කලුතර, මොණරාගල, කෑගල්ල, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කර තිබුණා.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog