බහරේනයේ මොහොමඩ් හමාඩ් මොහොමඩ් අල් කලීෆා කුමරු නිසි අනුමැතියකින් තොරව කොවිඩ් 19 එන්නත් තොගයක් සිය රට තුළට රැගෙන ඒම සම්බන්ධයෙන් නේපාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, පූර්ව අනුමැතියකින් තොරව රට තුළට ඖෂධ ගෙන ඒමට නොහැකි පසුබිමක් තුළ බහරේන කුමරු මෙලෙස එන්නත් රට තුළට රැගෙන ආවේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් එරට ඖෂධ නියාමකයින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මාත්‍රා 2,000 ක තොගයක් රැගෙන අල් කලීෆා කුමරු ප්‍රමුඛ කණ්ඩායම නේපාලයට පැමිණ ඇත්තතේ, පසුගිය සඳුදා ය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බහරේන තානාපති කාර්යාලය පවසා ඇත්තේ, නේපාලයේ ගොර්කා දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමේ අවශ්‍යතාව මත රජ කුමරු ඇතුළු කණ්ඩායම මෙලෙස එන්නත් තොගය රැගෙන පැමිණ ඇති බවයි.
රජ කුමරුගේ මෙම ගමන සංවිධානය කළ කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, කුමරු ප්‍රමුඛ කණ්ඩායම දින 7ක් නිරෝධායනය වීමෙන් අනතුරුව ගොර්කාහි සමගෝන් ගම්මානයේ ජනතාවට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
තව ද කුමරු ඇතුළු කණ්ඩායම පසුව එවරස්ට් කන්ද තරණය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
නේපල ඖධෂ නියාමකයින් උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, ඔ්නෑම ඔෂධයක් රට තුළට ගෙන ඒමට නම්, ආනයනකරු පූර්ව අවසරය ලබා ගැනීම සහ ඖෂධ නිසි ලෙස ගබඩා කරන බවට ද සහතිකයක් ලබා දීම යන කරුණු පිළිබඳ නොසලකා ඔවුන් මෙලෙස එන්නත් රැගෙන පැමිණ ඇති බවයි.
නේපාලය පසුගිය ජනවාරි 27 සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මේ වනිවට අවුරුදු 65කට වැඩි පුද්ගලයින් සහ අවදානම් සහගත කණ්ඩායම් වෙත එන්නත්කරණය සිදු කරනු ලබයි.

Comments
Post a Comment