මෝටර් රථවල අංක තහඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද (24) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය වුණා.

ඉදිරි නීතිමය කටයුතු මේ වන විට ක්‍රියාත්මකව පවතින බවත් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත්කිරීම ප්‍රසිද්ධ කරන බවත් එහිදී සඳහන් කෙරුණා..

පළාත් සංකේතය ඉවත්කිරීමෙන් පසු වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වීමේදී අංක තහඩුව වෙනස් නොවන බවත් නව අංක තහඩුව සමස්ත ශ්‍රී ලංකාවටම වලංගු බවත් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස් මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් පුවත්පත් වාර්තා කර තිබෙනවා.

වර්තමාන වාහන අංක තහඩු නීතියට අනුව වාහනයක හිමිකරුගේ පදිංචි පළාත වෙනස් වුවහොත් අංක තහඩුව වෙනස් කළ යුතු අතර ඒ සඳහා රුපියල් 2000 කට වැඩි අමතර මුදල් වාහන හිමිකරු දැරිය යුතු වනවා.


READ MORE >>> http://evolterr.com/8NjO

YouTube: http://evolterr.com/8Ng8

facebook : http://evolterr.com/8NR8

Comments

Popular posts from this blog