නව කොරෝනා ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90, 765 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 25 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි 226 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

මේ අතරින් වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 66 කි.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 48 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 ක් ලෙස වාර්තා වී ඇත.

ආසාදිතයින් 87630 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 25,83ක් පමණි.

කොරෝනා ආසාදිත තවත් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 552ක් දක්වා ඉහළ ගියේ ය

එලෙස මියගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90 ක් තුළ පුද්ගලයින් 8492ක් දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (18) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 7,940 කි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ද මෙරටදී සාර්ථකව ක්‍රියාත්මක අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 5972 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛාව ද 844,327 ක් දක්වා ඉහළ යනු ඇති.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog