ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 314 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින් අතරින් 40 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරිනි.
ඉතිරි ආසාදිතයින් 274 දෙනා දේශීයව හඳුනා ගත් ආසාදිතයින් ය.
වැඩිම ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 52කි.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක් ලෙස වාර්තා වේ.
අනෙක් ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇත.
මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,514ක් වන අතර සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87,058කි.
ආසාදිතයින් 2,905 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 5ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 551ක් දක්වා ඉහළ ගියේ ය.
එම මරණ වාර්තා වී ඇත්තේ, ගාල්ල, වෑඋඩ, නුගතලාව, කඩවත සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලිනි.
ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 102ක් තුළ පුද්ගලයින් 10, 692 දෙනකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 5,983කි.
මේ අතර කොවිඩ් 19 එන්නත්කරණ වැඩිපිළිවෙළ යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 8938 දෙනකුට එන්නත ලබා දී ඇති අතර ඒ අනුව මේ දක්වා එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින් සංඛ්‍යාව 824, 523ක් වේ.

Comments
Post a Comment