බස්නාහිර පළාතේ පිහිටි සියලුම කතෝලික පාසල් ලබන මස 5 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අගරදගුරු පදවි කතෝලික සභාවේ මාධ්‍ය අධ්‍යක්ෂ, ජුඩ් ක්‍රිශාන්ත පියතුමන් නිව්ස්ෆස්ට් කළ විමසුමකදී ඒ බව තහවුරු කළේ ය.
මේ අතර ලබන 29 වැනි සඳුදා බස්නාහිර පළාතේ සියලු පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
පසුගිය 15 වැනි දා බස්නාහිර පළාතේ පාසල්වල 5,11 හා 13 ශ්‍රේණිවල පන්ති ආරම්භ කෙරුණි.
සැලසුම් කළ පරිදි අලුත් අවුරුදු නිවාඩුව ලබා දෙන බවත් අලුත් අවුරුද්දෙන් පසු ලබන මස 19 වැනි දා සියලු පාසල් යළි විවෘත කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය
READ MORE >>> https://liveslnews24x7.blogspot.com/
YouTube: https://bit.ly/31bgD1A

Comments
Post a Comment