මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් කන්ටේනර් රැසක් පසුගිය මාස තුන ඇතුළත යළි ප්‍රතිනැව්ගත කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, කොළඹ වරායේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් කළ පරීක්ෂාවේදී මෙම පොල් තෙල්වල පිළිකා කාරක රාසායනික තිබී හමුවී ඇති බවය.

මෙම පොල් තෙල් තොග ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් මෙරටට ආනයනය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු මස්ත්‍ය කන්ටේනර් කිහිපයක් ද යළි ප්‍රතිනැව්ගත කළ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ, අදාළ මත්ස්‍ය තොගවල ආසනික් හා රසදිය අඩංගු බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි.

Comments

Popular posts from this blog