ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව සිදු කරන කැනීමකින් යුරෝපයේ පුනරුද යුගයට අයත් පිගන් භාණ්ඩවල නටබුන් රැසක් හමුවී තිබේ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ මෙම දුර්ලභ පිගන් භාණ්ඩ අවශේෂ එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් ලබා ගත හැකි බවයි.
නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු කරන මෙම කැනීමෙන් අනතුරුව ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම සංරක්ෂණය කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

Comments
Post a Comment