අද අලුයම වැලිකඩ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුම අතර කලාපයේ වාහන පරීක්ෂාවක නිරතවී සිටි කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් ගමන් කර ඇති බව පොලීසිය පවසනවා.
මෙම අනතුරෙන් හදිසි ඇමතුම් මාර්ග පරීක්ෂණ කණ්ඩායම භාරව සිටි පනස් දෙහැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා සහ පරීක්ෂාවට ලක් කරමින් තිබූ කුඩා ලොරි රථයේ සහායකයා මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments
Post a Comment