ඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටවූව ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළවලට සෘජු බලපෑමක් නොවන බව ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, දේශීය අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ අරමුණින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ ක‌ළේ , මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ජනවාරි 29 දා ආරම්භ කළ බැවින් දෙවන මාත්‍රාව දිය යුතුව ඇත්තේ ඉන් සති 12 කට පසුව බවයි.

දිවයිනට ලැබුණු එන්නත්වලින් මේ දක්වා කාලය තුළ පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව අට ලක්ෂ 44000 ක් වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ , ඉතිරිව ඇති එන්නත් ලක්ෂ 4 ක පමණ ප්‍රමාණය මැයි 31 වෙනිදා දක්වා ලබාදිය හැකි බවයි.

කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 5 ක් ලබාදෙන බවට ඉන්දියාවේ සීරම් ආයතනය නිල නොවන මට්ටමින් ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog