චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබෙනවා.


එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් අ.ඩො බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.


දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් එම අරමුදල් භාවිත කිරීමට හැකි වනවා.

Comments

Popular posts from this blog