Click picture to watch video...
ගෙවී ගිය දවසේ (11) මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.
ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 75 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්49 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක් ලෙස වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් වන අතර පූර්ණ සුවය ලබා ඇති අසාදිතයින් සංඛ්‍යාව 83561 කි.
අසාදිතයින් 2908 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 520 ක් දක්වා ඉහළ ගියේ ය.
එම මරණ වාර්තා වී තිබුණේ, නාවලපිටිය, අඟුලාන, මත්තෙගොඩ, බිබල සහ දෙහිවල යන ප්‍රදේශවලිනි.
ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 104 ක් තුළ පුද්ගලයින් 10,743 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (09) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 6,054 කි.
කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති අතර සියලු දෙනා වයස අවුරුදු 50 ඉක්මවූවන් ය.
Stay Tune With Us :
Subscribe us on YOUTUBE : http://apticirl.com/Xhq
Like us on Facebook : http://apticirl.com/XQw

Comments
Post a Comment