යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද(04) මහත් භක්තියෙන් සමරයි.

මිනිස් වර්ගයා පවින් ගලවා ගැනීම උදෙසා කුරුසයක් මත දිවි පිදූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සිහිපත් කරමින් කිතුණු දේවස්ථාවල අද විවිධ ආගමික වතාවත් සිදු කෙරේ.



මේ අතර අදට යෙදී ඇති පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


2019 වසරේ එල්ල වූ පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.


ඒ, පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.


නැවත එවැනි ඛේදවාචකවලට කිසිදු අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.


මේ අතර කිතුණු ජනතාව බලාපොරොත්තු වන පරිදි අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරික්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ප්‍රහාරයට වගකියුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර ඇති බවයි.


අප්‍රේල් 21 ප්‍රහාරය එදා මෙන්ම අදත් තරයේ හෙළා දකින බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.


READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog