පොලීසිය සිදු කරන හිංසන මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පසුගිය මාසයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන කිහිපයක් ඇතුළත් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළ බව මෙම නිවේදනයේ සඳහන් ය.

මහේස්ත්‍රාත්වරුන් මාසයකට වරක් පොලිස් භාරයේ පසුවන සැකකරුවන් හමු වී ඔවුන් පිළිබඳව විමසා බැලිය යුතු යැයි එහි දැක්වුණු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පමණක් ශ්‍රී ලංකාවේ පොලීසියෙන් සිදුවන හිංසන මැඩ පැවැත්විය නොහැකි බව සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජාතික පොලිස් කොමිසම මෙන්ම මානව හිමිකම් කොමිසමද සක්‍රීයව මැදිහත් විය යුතු බව නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

මේ අතර, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී පොලීසියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්වුණේ පිළිකා කාරක පොල්තෙල් අඩංගු යැයි සැක කෙරෙන බවුසර දෙක පිළිබඳව ක්‍රියා කළ ආකාරය සම්බන්ධවයි.

අධිකරණ භාරයේ තබාගෙන එහි සාම්පල රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියෝග කර තිබියදී පොලීසිය එම බවුසර් දෙක කොළඹ වරායේ රේගු පර්යන්තයට යවා තිබුණි.

මාරවිල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේ, මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසය.

READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog