සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.


එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, සූර්යයා අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව ඔවුන් පවසනවා.


ඒ අනුව අද දින (05) දහවල් 12.13ට තෙල්වත්ත,බද්දේගම,දෙදියවල,මුලටියන,අගුණකොලපැලැස්ස සහ උඩමලලයන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙන්නේ.


ප්‍රධාන නගර සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කල කාලගුණ අනාවැකිය පහතින්.


READ MORE >>> https://liveslnews24x7.blogspot.com/

YouTube: https://bit.ly/31bgD1A

facebook : https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog