ජංගම දුරකථන-රූපවාහිනී- ශීතකරණ ආනයනය නවත්වයි



ජංගම දුරකථන-රූපවාහිනී- ශීතකරණ ඇතුළු විදුලි උපකරණ ආනයනය අත් හිටුවීමට රජය තීරණය කරයි.

සුඛෝපභෝගී භාණ්ඩ ලෙස ගැනෙන භාණ්ඩ මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස හදුනා ගනු ලැබූ භාණ්ඩ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව ceylon today පුවත්පත වාර්තා කරයි.

ආනයනය නතර කිරීමට තීරණය කර තිබෙන භාණ්ඩ අතර ජංගම දුරකථන-රූපවාහිනී යන්ත‍්‍ර-ශීතකරණ ඇතුළු විදුළි උපකරණ මෙන්ම සුවද විලවුන් වර්ගද තිබෙන බව පුවත්පත වාර්තා කර තිබේ.

විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමත් – දේශීය වෙළද පොළ සදහා මෙම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලබා දෙමින් දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමත් රජයේ අරමුණ බව පුවත්පත පවසයි.

විදේශ සංචිත ප‍්‍රමාණවත් ලෙස රැුස් වූ පසු මෙම සීමාවන් රජය විසින් ඉවත්කරනු ඇති බව පැවසේ.



Comments

Popular posts from this blog