බෞද්ධයෙකු ලෙස මම කිසිවෙකුට වෛර නොකරමි - ශානි අබේසේකර



ශානි අබේසෙකර මහතා නිදහස් වීමෙන් පසු අල් ජසීරා වෙත අදහස් පළ කරයි

 “මම කිසිම වරදක් කර නැති නිසා මට දඩුවම් කිරීමට සිදු නොවේ ” යනුවෙන් පසුගියදා ඇපමත නිදහස් වු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැවසුවා. එමෙන්ම Al Jazeera නාලිකාව සමග එක්වෙමින් අබේසේකර මහතා සදහන් කර ඇත්තේ යම් දිනයක “සත්‍යය ජය ගනු ඇති” බවයි.

“මම අවංක හා වෙහෙස මහන්සි වී වැඩ කරන නිලධාරියෙක්. මගේ මුළු වෘත්තිය තුළම මම කිසිම වැරැද්දක් කර නැත, මට කිව හැක්කේ එපමණකි. ”

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.

කෙසේවෙතත් පසුගියදා ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේ දී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කර සිටියා.

ඔහු Al Jazeera සමග සදහන් කර ඇත්තේ

“බෞද්ධයෙකු ලෙස මම කිසිවෙකුට වෛර නොකරමි. මම තරහ නැහැ, ”

“මම මගේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කළා. නීතිය ක්‍රියාත්මක කිරීම පරිශුද්ධ දෙයක් ලෙස මම මගේ යුතුකම් ලෙස සැලකුවා. නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන්, කිසිම හේතුවක් නොමැතිව මගේ පවුලෙන්, දරුවන්ගෙන් ඇත්ව සිටීමට මට සිදුවුණා. ඒක මම කනගාටු වෙන දෙයක්. ” යනුවෙනුයි.

Comments

Popular posts from this blog