නාමල් ජනතාවගෙන් සමාව ඉල්ලයි


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනතාවට විඳීමට සිදු වූ සියලු අපහසුතාවයන් පිළිබඳව සමාව අයැදින බව ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍යවරයාගේ සංචාරයක් හේතුවෙන් වැලිමඩ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට අන්තර්ජාලයේ හුවමාරු වූ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින්.


"වැලිමඩ ප්‍රදේශයේ මට නියමිත උත්සවයක් තිබුණේ නැහැ, මේක වැරදි වැටහීමක් සහ මගේ ගිණුමේ පැතිරුණු කටකතාවක්" යනුවෙන් අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.


ක්‍රීඩා අමාත්‍යවරයා එම ප්‍රදේශයට පැමිණෙන බව පැවසීමෙන් පසු වාහන ඇතුළු පෝලිම්වල රැඳී සිටි මහජනතාව වෙනත් මාර්ගයකට යොමු කර තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කලබලයට පත් ජනතාව ක්‍රීඩා ඇමැතිවරයාට බැන වැදුණු අතර රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් රජයට ද බැණ වැදුණහ.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ විපතට පත් ජනතාවගෙන් සමාව අයැද සිටියා.


For More Updates Follow US on FACEBOOK :

http://LiveSLnews.lk

Comments

Popular posts from this blog