ඖෂධ හිඟයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පවතින ගැටලු විසඳීමට ඉන්දීය සහය ලබා දීමට දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ඉදිරිපත් වී තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ශල්‍යකර්ම අත්හිටුවා ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා.
නිවේදනයක් නිකුත් කරමින් රෝහල සඳහන් කළේ අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක සහ පරිභෝජනයට ගත හැකි ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් සැත්කම් අත්හිටුවා ඇති බවයි.
පේරාදෙණිය රෝහල වැඩිදුරටත් පැවසුවේ හදිසි සැත්කම් පමණක් මේ වන විට සිදු කෙරෙන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
“මේ ආරංචිය දැකලා කලබල වුණා. ඉන්දියාවට උදව් කළ හැකි ආකාරය සම්බන්ධ කර සාකච්ඡා කරන ලෙස මම මහ කොමසාරිස් බග්ලේගෙන් ඉල්ලා සිටිමි,” ආචාර්ය ජයශංකර් අද ට්වීට් කළේය.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment