ණය ගෙවීමට බැරුව තිදරු මවක් දිවිනසාගනී
බළන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ මාමල්ගහ ප‍්‍රදේශයේ තිදරු මවක් ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇත.
ඒ. ඒ. සුජීවා පි‍්‍රයදර්ශනී (39) නමැති මැය එදිනෙදා දිවි සරිකර ගැනීම සඳහා විවිධාකාරයෙන් ණය ලබාගෙන තිබූ අතර ඒවා ගෙවීමට නොහැකි වීමෙන් සහ රටේ පවතින ආර්ථික තත්ත්වයට මුහුණදීගත නොහැකිව පෙරේදා (28 දා) සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ.
මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය ඊයේ (29 දා) පැවැත්වීමට නියමිතව තිබූ බව බළන්ගොඩ හදිසි මරණ පරීක්‍ෂක පත්මේන්ද්‍ර විජයතිලක මහතා සඳහන් කළේය.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment