ඉන්ධන හිඟය: ඩීසල් LIOC වෙතින් මිලදී ගැනීමට නියමිතය
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (LIOC) ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අත්‍යාවශ්‍ය සේවා සහ විදුලි උත්පාදනය සඳහා මෙම ඩීසල් තොගය මිලදී ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
ඉන්දීය ණය මාර්ගයෙන් මිලදී ගන්නා ඩීසල් සහිත යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් රජය LIOC සමාගමෙන් ඩීසල් මිලදී ගන්නා බවද ඔහු පැවසීය.
ඩීසල් ප්‍රවාහනය කරන නෞකාව හෙට (31) ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ලොකුගේ මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලබා ගැනීම සඳහා අද (30) සහ හෙට (31) පෝලිමේ නොසිටින ලෙස රජය ඊයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
සැලසුම් කළ පරිදි ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවකින් ඩීසල් ගොඩබෑමට නොහැකිවීම ඊට හේතුව බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසීය.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment