ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මිනීමැරුම් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර 2015 වසරේ පවරා තිබූ ඝාතන නඩුවෙන් නිදහස් කර තිබේ.
ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු මෙම නඩුවට අදාළව නිකුත් කර තිබූ මරණ දඬුවමෙන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව අධිකරණය අද මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි මාසයේදී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියම කළේය.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් සියලු චෝදනාවලින් සහ තමාට පනවා ඇති මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment