වෙල්ගම යෝජනා 07ක් ඉදිරිපත් කරයි
විශ්වාසභංග යෝජනාවක් හෝ අන්තර්වාර ආණ්ඩුවක් සම්බන්ධ කිසිදු යෝජනාවකට තමන් ඡන්දය නොදෙන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා සිය ස්ථාවරය හෙළිකර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස සිටින තුරු රජයට සම්බන්ධ ඕනෑම කටයුත්තකට සහය දීම ද ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කර රටත් ජනතාවත් බේරා ගැනීමට පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග 07ක් ද කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා එම ලිපියෙන් වැඩිදුරටත් යෝජනා කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන් කර ඇති සියලුම මුදල් කපා හැර ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කළ යුතු බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.
විශ්වාසභංග යෝජනාවක් හෝ අන්තර්වාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් වන කිසිදු යෝජනාවකට අත්සන් කිරීමෙන් වළකින බවට තමාගේ තීරණය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ලිපියක් තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය මෙසේය



Comments
Post a Comment