වත්මන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරින ලෙස ආණ්ඩුවේ පක්ෂ 11 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
ඒ වෙනුවට භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පාර්ශව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
භාරකාර ආණ්ඩුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් සමන්විත විය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.
ආණ්ඩුවේ ව්‍යවස්ථාපිත පක්ෂ 11 ආණ්ඩුවේ හැසිරීමට එරෙහිව හඬ නඟා ඇත.
පක්ෂ 11ට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ පසුගියදා ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණා.
රජයේ තීරණවලට එරෙහිව හඬ නැගීම හේතුවෙන් ඔවුන් තනතුරුවලින් ඉවත් කර ඇත.
ජනාධිපතිවරයාට එරෙහිව ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ ජනතාව පාරට බැස විරෝධතාවයේ නිරත වීම නිසා වත්මන් රජය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment