ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබේ.


ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු ප්‍රධාන පුහුණුකරු වන Anton Rouxය.


මීට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායමට, නැගී එන කණ්ඩායමට සහ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට මෙලෙස නව පුහුණුකරුවන් පත්කර තිබේ.


ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර ඇති අතර එහි සෙසු පුහුණුකරුවන් පහතින්.

තිලිණ කන්ඩම්බි – සහකාර පුහුණුකරු

මලින්ද වර්ණපුර – පිතිකරණ පුහුණුකරු

සජීව වීරකෝන් – පන්දුයැවීමේ පුහුණුකරු

උපුල් චන්දන – පන්දුරැකීමේ පුහුණුකරු



ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුවන් කල්පගේ පත්කර ඇති අතර එහි සෙසු පුහුණුකරුවන් පහතින්.

රුවින් පීරිස් – සහකාර පුහුණුකරු

දර්ශන ගමගේ – පන්දුයැවීමේ පුහුණුකරු

ධම්මික සුදර්ශන – පිතිකර්ණ පුහුණුකරු



වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත්කර ඇති අතර එහි සෙසු පුහුණුකරුවන් පහතින්.

සම්පත් පෙරේරා – සහකාර පුහුණුකරු / පිතිකරණ පුහුණුකරු

චමිල ගමගේ – පන්දුයැවීමේ පුහුණුකරු

ගයාන් විජේකෝන් – පන්දුරැකීමේ පුහුණුකරු

Comments

Popular posts from this blog