ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලයට කාන්තාවන් නැත
අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අමාත්‍ය මණ්ඩලයට කාන්තා නියෝජනය ඇතුළත් කිරීමට අපොහොසත් වී තිබෙනවා.
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද කොළඹ ජනාධිපති මන්දිරයේදී පත් කරනු ලැබුවා.
මෙම ලැයිස්තුවේ කාන්තා නියෝජනයේ අඩුව පෙන්නුම් කරන අතර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ද ඇතුළත් නොවේ.
පෙර පැවති අමාත්‍ය මණ්ඩලයට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අමාත්‍ය ධූර සඳහා ඇතුළත් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සීතා අරඹේපොළ, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරයි.
හිටපු අමාත්‍ය මණ්ඩලය යටතේ සෞඛ්‍ය, බලශක්ති සහ ප්‍රවාහන අමාත්‍ය ධූර දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු සිටියද නව අමාත්‍ය මණ්ඩලය යටතේ ඔවුන්ට අමාත්‍ය ධුරයක් දැරීමට අවස්ථාවක් ලැබී නැහැ.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment