2021 දී උගන්ඩාවට ගෙන යනු ලැබූ වාණිජ භාණ්ඩ පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්
පසුගිය වසරේ (2021) උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගෙන යනු ලැබූ වාණිජ භාණ්ඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය ආන්දෝලාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පහත පැහැදිලි කිරීම් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරයි.
2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි. මෙම තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ස්වභාවයක් ගත් අතර එකල ගුවන් සමාගමට සහ රටට අවශ්‍ය විදේශ ආදායමක් ගෙන ආවේය. මෙම භාණ්ඩ ඇණවුම වාණිජ හේතූන් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.
ගුවන් භාණ්ඩ කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව ගිවිසුම්ගත බැඳීම් හේතුවෙන් රඳවා තබා ඇති භාණ්ඩ තොගයේ විස්තර.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් පළ කරන ලද ට්විටර් පණිවිඩයක් මගින් භාණ්ඩ තොගය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය විය.


Comments
Post a Comment