පාසල් කාලය අප්‍රේල් සිට පැයකින් දීර්ඝ කෙරේ

රජයේ පාසල්වල දෛනික පාසල් කාලය 2022 අප්‍රේල් 18 වැනිදා සිට පැයකින් දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළේය.


අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පළමු පාසල් වාරයේ මගහැරුණු පැය ගණන ආවරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.


ඒ අනුව මෙම වසරේ අධ්‍යයන වාරය සඳහා පමණක් පාසල් වේලාව අප්‍රේල් 18 සිට දෙසැම්බර් 23 දක්වා පැයකින් දීර්ඝ කරන බව ඔහු පැවසීය.


අතුරු නිවාඩු ඇතුළු පාසල් කාලසටහන් මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත ඉදිරිපත් කර ඇති බව මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.


For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog

සයිනොෆාර්ම් එන්නත් මිලියනයක් මෙරටට