2022 අප්‍රේල් 19 වන දින රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.


රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන ඉල්ලා විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් දෙදරු පියෙකු වන චමින්ද ලක්ෂාන් ජීවිතක්ෂයට පත්වුණා.


රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට අණ දීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියා.


කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයාගේ මරණය සිදුවී ඇති බවට නිගමනය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.


රඹුක්කන ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

Comments

Popular posts from this blog