ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය
පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම තවමත් ශ්‍රී ලංකාව ආසන්නයේ පවතී. එබැවින් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැක.
දකුණු පළාතේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත්වූ කාලගුණ වාර්තාව :


Comments
Post a Comment