රඹුක්කන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගී නොවීම තමන් කළ වරද බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා.
අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අනාවරණ කළේ තොරතුරුවලට අනුව ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා කැඳවා නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ අග්‍රාමාත්‍යවරයා කැඳවා ඇති බවත්, නමුත් තමාට රැස්වීමට පැමිණීමට නොහැකි වූ බවත් දන්වා සිටි බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන් එම රැස්වීමට කැඳවා තිබූ නමුත් ඊට සහභාගී නොවූ බවයි.
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි නොවීම තමාගේ වරදක් බව ප්‍රකාශ කළ ඔහු, කෙසේ වෙතත් එහිදී ඇති වූ සාකච්ඡාව පිළිබඳව තමන් දැනුවත් කළ බවද කියා සිටියේය.
මේ අතර රටේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා සකස් කර ඇති මාර්ග සිතියම පිළිබඳව ද විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කළා.
සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ මෙම ගැටලූව විසඳීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳව අවස්ථා කිහිපයකදීම රජයෙන් ප‍්‍රශ්න කළද මෙතෙක් ඊට ප‍්‍රතිචාර දැක්වීමට රාජ්‍ය පරිපාලනය අපොහොසත් වී ඇති බවයි.
රජය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ඇතත් තවමත් අරමුණකින් තොරව රජය ක්‍රියාත්මක වන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
රටේ පවතින ප්‍රශ්න විසඳීමට ද ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් රජයෙන් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහ විපක්ෂ නායකවරයා අතර උණුසුම් වාද විවාද ඇතිවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබුණා.
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment