වෘත්තීය සමිතිවල වැඩ වර්ජන ක්‍රියාත්මකයි
රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වෘත්තීය සමිති අද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
ආයෝජන මණ්ඩල (BOI) කලාපයට අනුයුක්ත සේවකයින් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
විරෝධතාවයක් හේතුවෙන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.
වෘත්තීය සමිති කිහිපයක අඛණ්ඩ වැඩවර්ජනයක් හේතුවෙන් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සේවකයින් ද අද සේවයට වාර්තා කිරීමෙන් වැළකී ඇත.
අද දිනයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය වූ බැවින් විකල්ප ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමත් සමඟ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා දන්වා ඇත.
මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද දැනුම් දී ඇත.

Comments
Post a Comment