රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝ - ශ්‍රී ලංකා කවුන්සිල ජනරාල්වරයා ලෙස පත් කෙරේ
ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කවුන්සිල ජනරාල්වරයා ලෙස පත් කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පුරප්පාඩු වූයේ සංගීතඥ නීලා වික්‍රමසිංහ එම තනතුරේ සේවය කරමින් සිටියදී මේ වසර මුලදී අභාවප්‍රාප්ත වීමත් සමඟය.
බන්දු සමරසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළේය. නව පත්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Comments
Post a Comment