නව අගමැති මෛත්‍රී යටතේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට ජනපති එකඟ වෙයි


නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) අද ප්‍රකාශ කළේය.


නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් යටතේ සියලු පක්ෂ ඇතුළත්ව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රීලනිප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11ක් සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම එකඟතාව පළ කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


මේ අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ කියා සිටියේ.


සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එහිදී තීරණය කළ බව ඔහු කියා සිටියා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන පක්ෂ 11 පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික අර්බුදය විසඳීම සඳහා සර්ව පාක්ෂික අතුරු ආණ්ඩුවක් පිහිටුවන තුරු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර තිබුණි.


සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රජයේ සියලුම දේශපාලන පක්ෂවල රැස්වීමක් කැඳවා තිබුණා.


ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රට පුරා මහජනතාව විසින් මහා පරිමාණ මහජන විරෝධතා පැවැත්වීම ආරම්භ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.


For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog