සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරයි.
සෙනසුරාදා (23) පැය 03 විනාඩි 20 ක කාලයක් සහ ඉරිදා (24) පැය 03 ක කාලයක් විදුලිය විසන්ධි කරන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත.
තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් සති අන්තයේ විදුලිය කප්පාදු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පැවසුවේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.
ඒ අනුව සෙනසුරාදා (23) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක කාලයක් සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැය 1 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
ඉරිදා (24) පෙරවරු 9 සිට පස්වරු 5:20 දක්වා පැය 1 යි විනාඩි 40 ක කාලයක් සහ පස්වරු 5:20 සිට රාත්‍රී 9:20 දක්වා පැය 1 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය විසන්ධි වේ.
කලාප කාලසටහන සඳහා පහත Link එක Click කරන්න

Comments
Post a Comment