අගමැති ධූරය ගැන ජනපති මතය හෙළි කරයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් හෝ ඉවත් කිරීමට දැනුම් දී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (SLPP) දන්වා ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි.


ඊයේ (28) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළේය.


රජය තුළ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය තුළ ප්‍රශ්න ඇති කර ගැනීමට තමාට කිසිදු හේතුවක් නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.


ශ්‍රී ලංකාවේ පවතින ජාතික අර්බුදය සාමූහිකව ක්‍රියා කරමින් විසඳා ගැනීම අත්‍යාවශ්‍ය බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකයින්ගේ සහය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.


සාකච්ඡාවට සහභාගී වූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් රැස්වීම අතරතුර නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇති වූ බව වාර්තා වේ.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.


For More Updates Follow US on FACEBOOK :

Comments

Popular posts from this blog