විපක්ෂ නායකවරයා ‘කළු මැයි දිනය’ සමරයි
කම්කරු පන්තියේ අයිතීන් තහවුරු කිරීම සඳහා වසර 136 කට පෙර දියත් කරන ලද දැවැන්ත අරගලයේ ආරම්භය සිහිපත් කරන මැයි දිනය ලෙස පොදුවේ හැඳින්වෙන ජාත්‍යන්තර කම්කරු දිනය අද සනිටුහන් කරයි.
ශ්‍රී ලංකාව මැයි දිනය සමරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව වඩාත් ඛේදනීය සහ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මැයි දින පණිවිඩයෙන් පවසයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් රජය අපේ රට බංකොලොත් භාවයට ඇද දැමූ බව ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අත්තනෝමතික පාලනයක නොහැකියාව, අසාර්ථකත්වය, අත්තනෝමතික ක්‍රියා සහ උඩඟුකම නිසා රටත් අනාගත පරපුරත් පෙර නොවූ විරූ අභියෝගයකට ඇද වැටී ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අපොහොසත් වූ වත්මන් අරාජික පාලනය රාජ්‍ය ත්‍රස්තවාදය මත සිය පැවැත්ම පමණක්ම රදාපවතින බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Comments
Post a Comment