සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
2022 සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අය කිරීම් සිදු කරන බව එහි දක්වා තිබෙනවා.
ඕනෑම පරිශ්‍රයක ජල ගාස්තුවට, පරිහරණ ගාස්තුව. මාසික සේවා ගාස්තුව, අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුලත් වනවා.
ජල බිල්පතෙහි සාමාන්‍යයෙන් සම්පූර්ණ මාසික ජල ගාස්තුව දැක්වෙන අතර ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු කළ අගය මත බදු / අත්හිටවූ එකතු කළ අගය මත බදු ඉන්වොයිසයක් අවශ්‍ය වේ නම්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි පූර්ව ලියාපදිංචියකින් එය ලබාගත හැකි වනවා.
#CWB #Waterbill #Price #Increase #SriLanka #Economy #Tax
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment