දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එදින එම මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු තවත් පිරිසක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා බිමට බස්සවා ඔහු සතුව තිබූ මුදල් පසුම්බියේ මුදල් කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා තිබූ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස්හතරක් වන දෙමටගොඩ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
#SriLanka #Protest #Crime #Politics #BereWewa
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment