භූමිතෙල් මිල ඉහල යාමත් සමඟ ඉදිරියේ දී තවදුරටත් මත්ස්‍ය මිල දැනට පවතින මිලට වඩා තුන් ගුණයකින් ඉහළ යනු ඇති බව ධීවරයන් පවසනවා.
ඒ හේතුවෙන් මත්ස්‍ය වෙළදාම ද පහළ වැටීමෙන් තමන්ට දැඩී අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දෙන්නේ.
පසුගිය දා ආණ්ඩුව විසින් භුමිතෙල් ලිටරයක මිල රුපියල් 340 දක්වා ඉහල දමනු ලැබුවා.
මේ වන විට වෙළෙදපලේ මත්ස්‍ය මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළද සංකීර්ණයේ වෙළදුන් සඳහන් කර සිටිනවා.
මාළු තොග අඩුවීම එයට ප්‍රධාන කරුණක් වී ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම නිසා බොහෝ ධිවරයින් සිය වෘත්තියේ නොයෙදීම ද ඊට හේතුව වී තිබෙනවා.
#Fishprice #SriLanka #Fuel #Boat #Economy
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment