මහ කන්නයට අවශ්‍ය ඉතිරි යූරියා පොහොර ලබා ගැනීම සඳහා ලෝක බැංකුවත් සමග කටයුතු කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, තවත් යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක තොගයක් රැගෙන ඒමට ලෝක බැංකුවත් සමග අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
මහ කන්නය වගාවන් සඳහා තවත් යූරියා පොහොර එක්ලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වන බව ද මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.
මේ අතර ආසියානු සංවර්ධන බැංක ණය ආධාර යටතේ බන්ඩි පොහොර මෙට්ට්‍රික් ටොන් හතලිස් දහදසක් මිලදී ගැනීමට පියවර ගනිමින් සිටිනු ඇත.
ඊට අමතරව මෙරට කාබනික පොහොර නිෂ්පාදකයින්ගෙන් ද ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර මිලදී ගැනීමට හැකියාව පවති.
#MahindaAmaraweera #Agriculture #SriLanka #WorldBank #Political
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment