විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජනා කර තිබෙනවා.


මේ අතර ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එලෙස ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි.


ඒ අනුව ඊයේ දිනයේ සිට මෙම අවසරය ලබාදෙමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.


#electricbike #import #vehicle #Custom #SriLanka


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog