ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් ගේ අනුගාමිකයින් එරට රජයේ මූලස්ථානයට කඩා වැදීමෙන් පසු ඉරාක අගමැති මුස්තාෆා අල්-කදිමි විසින් කැබිනට් සැසිවාර නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ඉරාක රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරනවා.
මේ වන විට මුක්ටාඩා අල්-සදාර් ගේ අනුගාමිකයින් විසින් එරට තුළ දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය උත්සන්න වී ඇති අතර මේ වන විටත් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර දහස් ගණන්කින් යුත් විරෝධතාකරුවන් කඳවුරු බැඳගෙන සිටිනවා.
මේ අතර අද පස්වරුවේ මෙම විරෝධතා කරුවන් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වුණා.
ඉන් අනතුරුව බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමට ඉරාක අගමැතිවරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ඇඳිරි නීති නියෝග නොතකමින් දහස් ගණනින් යුත් විරෝධතාකරුවන් නගරය පුරා සැරිසරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස අද සවස ජනාධිපති මැදුරට ඇතුළු වූ විරෝධතාකරුවන් එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වන අයුරු දැක්වෙන වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වන්නේ මීට සති ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වය ද සිහියට කැඳවමින්.
ඉරාකයේ පවතින පාලනයට එරෙහිව සහ එරට රජයේ දූෂණයන්ට සහ වංචාවන්ට එරෙහිව විරෝධතාකරුවන් පසුගිය මාස ගණනාවක් පුරා අඛණ්ඩ ව විරෝධතාවයේ නිරත වන්නේ විනිවිදභාවයකින් යුත් පාලන ක්‍රමයක් සහ පවතින ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව ඉල්ලා සිටිමින්.
මෙම විරෝධතාවන් ට එරට සිටින ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර්ගේ අනුගාමිකයින් වැඩි වශයෙන් එක් වී ඇති අතර ඔහු එම විරෝධතා මෙහෙයවන බවටයි එරට පාලක පක්ෂය චෝදනා කරන්නේ.
#Iraq #Protest #PresidentHouse #Crisis #International #News
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment