156 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබේ.
එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක පොලිස් සේවාවක් බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ටයි.
පොලිස් කොමසාරිස්වරයෙකු පත් කොට පොලිස් සේවාව මෙරට ආරම්භ කර ඇත්තේ 1797 වසරේ කොළඹ කොටුවෙන් ය.
1806 අංක 6 දරන රෙගුලාසි යටතේ, බ්‍රිතාන්‍යන්, පොලිස් විධානේ තනතුරු පිහිටුවා පරිපාලනය ගම් කරා ගෙන ගියේ ය.
1865 අංක 16 දරන පොලිස් ආඥා පනත හරහා, 1866 සැප්තැම්බර් 03 වැනි දින පිහිටවූ පොලිස් සේවාව, වසර 156 ක් මහජනයා වෙනුවෙන් කළ සේවාව අතිමහත් ය.
ශ්‍රීමත් ජෝර්ජ් විලියම් රොබට් කැම්බල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයායි.
ශ්‍රී ලංකාවේ සිදුවූ සෑම, සමාජයීය, ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික සිදුවීම්වලදී ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වය නොඅඩුව ලැබී තිබේ.
මෙරට ජනතාවගේ සාමය සුරක්ෂිත කර ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට පොලීසිය දිවි හිමියෙන් කටයුතු කළ බව නොරහසකි.
අද දක්වා පොලිස් නිලධාරීන් රාජකාරියේදී දිවි පුදා ඇත්තේ එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහායි.
එදා මෙන්ම අදත් ශ්‍රී ලංකා පොලීසිය, සැමදා දිදුලන පහණ්ටැඹක් සේ, මෙරට ජනතාව උදෙසා නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට කැපව සිටී.
අද 156 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා පොලිසියට ජාතියේ උත්තමාචරය..
මේ අතර , පොලිසියේ සංවත්සරයට ගෞරවයක් ලෙස අද සිට ලබන 10 වැනිදා දක්වා මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබේ.
#SLPolice #SriLanka #Anniversary #People #Protection
For More Updates Follow US on FACEBOOK :

Comments
Post a Comment