2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල, රුපියල් තිස් දහස දක්වා පහත වැටී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.


ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) පැවැති 2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින්.


එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා විසින් හොරකම් කරලා කිව්වොත් වැරදි නෑ. අපේ රට අද තියෙන්නෙ මර උගුලක් ළඟ, බිත්තියට හේත්තු වෙලා, බෙල්ල හිරවෙලා, මේ රටේ මිනිස්සුන්ට ඉවසන්න ම බැරි නිසයි අරගලය කළේ" යනුවෙන්.


තව ද, "බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිකමෙන් එළවලා දැමුවා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා, ගෝඨාභය රාජපක්ෂ එළවලා දැම්මා. කණගාටුයි නමුත් ඒක සිද්ධ වුණා. පොහොට්ටුවයි රාජපක්ෂලයි රට විනාශ කළා. ඒක කියන්න මිනිස්සු බය නෑ!" යනුවෙන් ද ඔහු කියා සිටියා.


#HarshaDeSilva #Parliment #SriLanka #Political #EconomyCrisis


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog