මෙරට සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි. 


දෛනිකව මෙරට සෑම පවුලක් ම රුපියල් 2,000 කින් ඔවුන්ගේ ණය බර ඉහළ දමාගන්නා බවට තමන් සිදුකළ අධ්‍යනයකදී හෙළිවූ බවයි මහාචාර්ය වසන්ත අතුකෝරාල පැවසුවේ.


පවතින ආර්ථික අර්බුදය හමුවේ පාරිභෝජන වියදම් පියවා ගැනීම සඳහා ජනතාව ණය ලබා ගැනීමට පෙළඹී ඇති බවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල වැඩිදුරටත් සඳහන් කළා.


#News #WasanthaAthukorala #University #SriLanka #Peradeniya


For More Updates Follow US on FACEBOOK :

https://www.facebook.com/LIVE.SL.News.Updates

Comments

Popular posts from this blog